මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කම්හලක ආහාර විෂවීමෙන් සේවක සේවිකාවන් 140 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අජීරණය, වමනය ඇතුළු ආසාත්මිකතා හේතුවෙන් ඔවුන් මෙම තත්ත්වයට පත්ව තිබෙනවා. අද (22) උදෑසන ඇතිවූ මෙම සිද්ධියෙන් රෝගී වූ සේවක සේවිකාවන් මිනුවන්ගොඩ හා ගම්පහ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
රෝගීන්,
[ot-video type=”youtube” url=”https://youtu.be/4SbG7PSofYw”]
සිද්ධිය පිළිබද මිනුවන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරනවා. රෝගී වූ අයගේ තත්ත්වය බරපතල නොවන බවයි මිනුවන්ගොඩ දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සිසිර විජේසුන්දර මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/PVjuReUbkrw”]