වව්නියාව ප්රදේශයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඕමන්ත පොලිසිය සමත් වුණා.
වව්නියාව ඕමන්ත පනික්කනීරාවලී ප්රදේශයේ නිදන් හාරමින් සිටියදීයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙම පිරිස අතර කාන්තාවක ද වනවා. සිය නිවස අසළ සිදු කෙරුණු නිදන් හෑරීමේ කටයුතු සදහා ඇය රහසිගත ලෙස විවිධ පුද්ගලයින් සම්බන්ධ කර ගෙන ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ. ඒ සදහා උපයෝගි උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.