ඉන්දීය රජයේ ආධාර යටතේ තවත් වතු නිවාස 155 ක ඉදිකිරීම් අද (15) ඇරඹුණා. ඒ ආගරපතන, ඩයගම, හැටන් හා බගවන්තලාව යන ප්රදේශවලදීයි. තලවකැලේ ඩයගම වතු නිවාස 80ක්, හැටන් ෆොඩයිස් වතුයායේ නිවාස 50 ක් හා බගවන්තලාව ලොයිනොන් වතුයායේ නිවාස 25 ක් ලෙසයි මෙම ඉදිකිරීම් සිදුකෙරෙන්නේ. කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස යෝජනා ක්රමයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. වත්මන් රජය යටතේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිවන 177 වන ගම්මානය මෙය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඉන්දීය ආධාර යටතේ වතුකරය තුළ නිවාස දාහතර දහසක් ඉදිකිරීමට කඳුරට නව ගම්මාන, වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සූදානමින් සිටිනවා.