නීති විරෝධීව වැලි ප්රවාහනය කළ ට්රැක්ටර් හතරක් වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.වව්නියාව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී ට්රැක්ටර් අත්අඩංගුවට ගැනුණා.
රියදුරන් හතර දෙනාද අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්රකාශ කළා. බලපත්ර රහිතව වැලි ප්රවාහනය කර ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.