එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය යළි පිහිටුවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු භාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට අදාළව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 7 කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(19) නියෝග කළා.
මෙම ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් මහේෂ්වරන් මහත්මිය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සැකකරුවකු ලෙසට නම් කොට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අනුව ඔක්තොම්බර් මස 8 දින පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවා.
ජූලි මස 2 වැනි දා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයක දී හිටපු රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප්‍රකාශය කර ඇති බවත් එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කර ඇති ප්‍රකාශයක් බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා .
සිංහල රාවය සංවිධානයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.