ගාල්ල තෙලිකඩ ප්‍රදේශයේ දී නීතිවිරෝධී මත්කුඩු හා මත්පෙති භාවිත කරමින් සාදයක් පැවැත්වූ නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය තෙලිකඩ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. හොරගම්පිට ප්‍රදේශයේ අක්කර 11 ක පමණ විශාල ඉඩමක් මැද පිහිටි නිවසක මෙම සාදය පවත්වා තිබෙනවා. එම පිරිස ළඟ තිබී රුපියල් එක් ලක්ෂ හැට දහසක් පමණ වටිනා මත් මුද්දර 49 ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
මෙම සැකකරුවන් ළඟ තිබී ජංගම දුරකතන 10 ක් සොයා ගැණුනු අතර ඔවුන් කෑගල්ල , මහනුවර , කොළඹ , මැදිරිගිරිය යන ප්‍රදේශයේ පදිංචිකරුවන්. සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
