ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්. ඊට හිටපු නායක ෆෆ් ඩුප්ලෙසිස් ද නම් කර ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබඩා ද යළි සංචිතයට කැඳවා ඇති බව සඳහන්. ආබාධයට ලක්ව සිටින ටෙම්බා බවුමා ශාරීරික යෝග්‍යතාව මත අදාළ තරගාවලියට ක්‍රීඩා කරනු ඇති. දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්විමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 21වනදා ජොහැනස්බර්හීදී ආරම්භවීමට නියමිතයි.