fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත 20 යි 20 තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 15:23

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත 20 යි 20 තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකා සංචිතය නම් කෙරේ

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුලත්. ඊට හිටපු නායක ෆෆ් ඩුප්ලෙසිස් ද නම් කර ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබඩා ද යළි සංචිතයට කැඳවා ඇති බව සඳහන්. ආබාධයට ලක්ව සිටින ටෙම්බා බවුමා ශාරීරික යෝග්‍යතාව මත අදාළ තරගාවලියට ක්‍රීඩා කරනු ඇති. දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්විමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 21වනදා ජොහැනස්බර්හීදී ආරම්භවීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2020 15:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්