මිනිපුර ක්‍රිකට් සටන තරගාවලියේ වයස් කාණ්ඩ තුනේම ශූරතා හිමිකර ගැනීමට තරගාවලිය සංවිධාන කළ සීතාවක මධ්‍යමහා විද්‍යාලය සමත්වුණා. එක් කණ්ඩායමකට පන්දුවාර පහක් පමණක් හිමිවීම මෙම තරගාවලියේ විශේෂත්වයයි. සීතාවක මධ්‍යමහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් විස්සක් එක්ව සිටියා.
එහි වයස අවුරුදු 13න් පහළ අවසන් මහා තරගයේ දී රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය පරාජයට පත් කරමින් සීතාවක විදුහල ජය හිමි කර ගත්තා. වයස අවුරුදු පහළොවෙන් පහළ අවසන් මහා තරගයේ දී රත්නපුර කුමර විදුහල පරාජයට පත් කරමිනුයි සීතාවක විදුහල ජය ලබා ගත්තේ. වයස අවුරුදු 19න් පහළ අවසන් මහා තරගයේ දී සීතාවක විදුහල ජය ලැබුවේ රත්නපුර කුමර විදුහල පරාජයට පත්කරමින්.