fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිපුර ක්‍රිකට් සටන තරගාවලියේ ශූරතාව සීතාවක මධ්‍යමහා විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 15:24

මිනිපුර ක්‍රිකට් සටන තරගාවලියේ ශූරතාව සීතාවක මධ්‍යමහා විද්‍යාලයට

මිනිපුර ක්‍රිකට් සටන තරගාවලියේ වයස් කාණ්ඩ තුනේම ශූරතා හිමිකර ගැනීමට තරගාවලිය සංවිධාන කළ සීතාවක මධ්‍යමහා විද්‍යාලය සමත්වුණා. එක් කණ්ඩායමකට පන්දුවාර පහක් පමණක් හිමිවීම මෙම තරගාවලියේ  විශේෂත්වයයි. සීතාවක මධ්‍යමහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් විස්සක් එක්ව සිටියා.

එහි වයස අවුරුදු 13න් පහළ අවසන් මහා තරගයේ දී රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය පරාජයට පත් කරමින් සීතාවක විදුහල ජය හිමි කර ගත්තා. වයස අවුරුදු පහළොවෙන් පහළ අවසන් මහා තරගයේ දී රත්නපුර කුමර විදුහල පරාජයට පත් කරමිනුයි සීතාවක විදුහල ජය ලබා ගත්තේ. වයස අවුරුදු 19න් පහළ අවසන් මහා තරගයේ දී සීතාවක විදුහල ජය ලැබුවේ  රත්නපුර කුමර විදුහල පරාජයට පත්කරමින්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 30, 2018 15:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්