පැය 24 ක කාලයක් තුළදී බීමත් රියදුන් 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (19) පෙරවරු හයේ සිට අද පෙරවරු හය දක්වා කාලයේදී. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විශේෂ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය ජුලි පස්වනදා.
එදින සිට මේ දක්වා කාලයේදී බීමත් රියදුරන් 9524 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.