පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කරුණු පැහැදිලි කළා. පිපිරීම්වලදී මියයන ඇතැම් පුද්ගලයන්ගේ සිරුරු විශාල ලෙස හානියට ලක්වන බැවින් හදුනාගත නොහැකි තත්වයට පත්වනවා. ඒ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිතව ගණනය කිරීම අසීරු තත්වයක්. මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත්කර ඇත්තේ ආසන්න අගයක් ලෙසින්.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරය හැර අනෙක් සියලු රෝහල්වල මළසිරුරු ඥාතීන්ට භාරදීම කඩිනමින් සිදුකර තිබෙනවා. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය, මෘත ශරීරාගාරයට රැගෙන එන දේහවල තත්වය හේතුවෙන් ඒවා නිදහස් කිරීමට වැඩි කාලයක් ගතවන බවයි අනිල් ජාසිංහ මහතා පෙන්වාදෙන්නේ. විදේශිකයන්ගේ මළසිරුර මෙන්ම කොළඹ හෝටල් තුනෙහි පිපිරීම් නිසා මරණයට පත්වූවන්ගේ සිරුරු කැබලි වශයෙන් පැවතීම ද එක් හේතුවෙක්.
විදේශිකයන්ගේ සිරුරු භාරදීම සඳහා ඔවුන්ගේ ඥාතීන් මෙරටට පැමිණිය යුතුය. මෙම සියලු කරුණු හේතුවෙන් කැබලි වූ සිරුරු පිළිබද තක්සේරුව නිවැරදිව සිදුකිරීම දුෂ්කර කාර්යයක්. ඊයේ දිනය වනවිට කොළඹ මෘත ශරීරාගාරයේ සිරුරු සංඛ්‍යාව 113 ක් දක්වා අඩුවී තිබෙනවා. මඩකලපුව ශික්ෂණ රෝහලෙන් මළසිරුරු 29 ක් වාර්තා වුවද අවසන් වශයෙන් එය සිරුරු 26 ක් ලෙසයි හදුනාගෙන තිබෙන්නේ. ඒ අනුව ත්‍රස්ත ප්‍රහාර වලින් මියගිය ගණන ආසන්න වශයෙන් 253 ක් පමණ වන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.