ICC නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැදී සිටි අතර, ශ්‍රී ලංකාව අභිබවා එම ස්ථානයට පැමිණ ඇත්තේ බංග්ලාදේශයයි.
ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට පසුපසින් ,10 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ එක් ප්‍රසාද ලකුණක පරතරයක් සහිතවයි.
විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානයේ රැඳී සිටිනවා
