හීනුග්ගල රක්ෂිත ප්රදේශයේ ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්රාත් දුලාංජලී සිතුමිනී මහත්මිය නියෝග කළා.
එයින් එක් පුද්ගලයෙකු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු දඹුල්ල මූලික රෝහලට ප්රතිකාර ලබා ගැනීම සඳහා ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ගැබ්බර මුවදෙණ ඝාතනය කිරීම සඳහා යොදාගත් බෝර 12 ගිණිඅවි තුනක් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට දඹුල්ල පොලිසිය ක්රියාකළා.
වෙඩි තැබීමට අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ද නීතිමය පියවර ගෙන තිබෙනවා.
