ඉන්දියාවේ රාජස්ථාන් ප්රාන්තයේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
රාජස්ථාන් ප්රාන්තයේ පිප්ලෝඩි රජයේ පාසලේ දී මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල අතර ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා.
අද (25) උදෑසන 8.30ට පමණ ගොඩනැගිල්ල කඩා වැටීම සිදුවූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ එම ගොඩනැගිල්ල තුළ පාසල් සිසුන් 60 දෙනෙකු පමණ රැදී සිට ඇති බවද වාර්තා වනවා.
කඩාවැටීමට ලක්වු ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පැවති අතර මීට පෙර කිහිප අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් පැමිණිලි සිදුකර ඇති බවද සඳහන්.
