දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
මැතිවරණ පනතට අනුව එක් එක් අපේක්ෂකයන් සඳහා වියදම් කළ හැකි උපරිම මුදල ගැන මෙහිදී පක්ෂ ලේකම්වරු දැනුවත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසන්නේ.
තවද මෙතෙක් මැතිවරණ පැමිණිලි භාරගනු ලැබූ ලිඛිත ක්රමවේදයට අමතරව පහසු ක්රමවේදයක් ලෙස ජංගම දුරකතන යෙදුමක් හඳුන්වාදීම ගැනත් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි.
