සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 189ක් රැස් කර තිබෙනවා .
තරගය ආරම්භ කිරීමට අයහපත් කාළගුණයෙන් බාධා එල්ල වූ අතර පසුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 44කට සීමා කිරීමෙන් අනතුරුවයි තරගය ආරම්භ කර තිබෙන්නේ .
මේ අනුව මෙම තරඟාවලියෙන් ශ්රීලංකාවට ජය ගැනීමට ලකුණු 190 ක් රැස් කර ගත යුතු වෙනවා .
