නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්රෑම් 120 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය උච්චමුනෙයි වෙරළ ප්රදේශයේ ඊයේ (04) වන දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 120 පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.