යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පවසනවා.
ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම ද සිදුකර අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ.
යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙනවා.
ප්‍රදේශයේ යටිතල පහසුකම් නගාසිටුවීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද සැලසුම් කෙරුණු අතර ඊට අදාළ සෙසු කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවයි වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පෙන්වා දෙන්නේ.