ප්රාග් ඓතිහාසික යුගයට අයත් දැවැන්තම සර්පයෙකු ඉන්දියාවෙන් සොයා ගෙන තිබෙනවා.
මෙම සත්ත්වයා පාසල් බස් රථයකට වඩා දිගින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්රාග් ඓතිහාසික යුගයට අයත් මෙම යෝධ සර්පයා වසර මිලියන 47කට පෙර ඉන්දියාව පුරා වාසය කරන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.
වද වී ගිය මෙම සර්පයා මෙතෙක් ජිවත් වු විශාලතම සර්පයන්ගෙන් එකෙක් විය හැකියි.
ශිව දෙවියන් ගෙල වටා සර්පයෙකු දමාගෙන සිටිම සහ නව සර්පයා සොයා ගත් ඉන්දියාවට ආවේණික සංස්කෘතික ලක්ෂණ අනුව වාසුකි ඉන්ඩිකස් යනුවෙනුයි මෙම සත්ත්වයා නම්කර තිබෙන්නේ.
බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පතලකින් යෝධ සර්පයාගේ ෆොසිලය සොයා ගෙන තිබෙනවා.
මෙම සර්පයාගේ දිග අඩි 36ත් / 50ත් අතර විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.