සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන පැළ සිටුවීමේ චාරිත්‍රය අදට යෙදී තිබෙනවා.
අද පූර්වභාග 10.16ට යෙදී ඇති සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළසිටුවීම මැනවි ලෙසයි අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.
මේ අතර පැළ සිටුවීමේ චාරිත්‍රයට පැළයක් සිටුවන ලෙසට සියලු රජයේ කාර්යාල, අමාත්‍යාංශ, ගොවිජන සේවා ඇතුළු අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.