පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා.
කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුනා
අමාත්‍යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය ඊයේ (16) කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා.
මෙරට දේශපාලනයේ අමතක නොවන පෙරළිකාර චරිතයක් වූ පාලිත තෙවරප්පෙරුම මහතා මිය යනවිට 64වන වියේ පසුවුණා.
මතුගම ආනන්ද ශාස්ත්‍රාලය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඒ මහතා 2002 වසරේදී මතුගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්වුණා.
බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු වූ ඒ මහතා පාර්ලිමේන්තුවට පිවිසියේ 2010 වසරේදීයි.
එතැන් සිට 2020 වසර දක්වා ඒ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.
ස්වදේශකටයුතු / වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා.
ජනතාව පීඩාවට පත්වූ ව්‍යවසන අවස්ථාවලදී වැඩි වශයෙන් කතාබහට ලක්වූ ඒ මහතා දැවැන්ත සමාජ මෙහෙවරක් ඉටුකළා. ගංවතුර / කොරෝනා වැනි ආපදා අවස්ථාවලදී ජනතාව අතරටම ගොස් හැකි උපරිමයෙන් උපකාර කළා.