සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය පවසනවා.
මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත ලෝකය ඉදිරියේ කරුණු දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසා බව ඒ මහත්මිය සදහන් කරනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා කාර්ය මණ්ඩල සවිබල ගැන්වීම / සේවාවන් ඇගයීම හා කාර්ය මණ්ඩල පිලිගැනීම මෙහිදී සිදු කෙරුණා.
රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය හා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක ඊට එක්ව සිටියා.