ව්‍යාජ මුදල් මුද්‍රණය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අහංගම පොලිස් වසමේ ඉමදුව පාර ප්රදේශයේදීයි.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 47ක් වන ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සන්තකයේ තිබී ලැප්ටොප් යන්ත්‍රයක් ,මුද්‍රණ යන්ත්‍රයක්,විදෙස් ගමන් බලපත්‍ර 10ක්,රුපියල් 5000 – රුපියල් 1000 හා රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදසි තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අහංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.