ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා නව මාර්ග විවෘත කරන බව ඊශ්රායලය පවසනවා.
ඊශ්රායලය පවසන්නේ මානුෂීය ආධාර ලබා දීම සඳහා ගාසා තීරයට මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන් බවයි.
උතුරු ගාසා තීරයේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරායද මානුෂීය බෙදාහැරීම් සඳහා මේ අනුව විවෘත වනු ඇති.
යුද්ධය ආරම්භයේ සිට පළමු වරටයි මෙම මාර්ග විවෘත කෙරෙන්නේ.
ඊශ්රායල ප්රහාරයකින් වර්ල්ඩ් සෙන්ට්රල් කිචන්හි සහන සේවකයින් හත් දෙනෙකු මිය ගියා.