උඩවලව ජාතික වනෝද්‍යානයේ රහසිගතව සිදුකරගෙන ගිය මහා පරිමාණ ගංජා හේනක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරින් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
උඩවලව ජාතික වනෝද්‍යානයේ රතඹලාගම ප්‍රදේශයේ කළ වැටලීමකදී ගංජා හේන සොයා ගැණුනා.
අක්කරයක පමණ භූමි ප්‍රදේශයක ගස් විසිදහසක් පමණ වගා කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.