ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වන පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානයේ දී පිහි ඇණුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
පිහි ඇණුමට ලක් වූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.