අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවලංගු කළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය අද දින සිසුන් වෙත ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ එක සහ දෙක කොටස් යළි ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.
