තායිලන්ත රාජධානියේ අග්රාමාත්යවරයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03 සහ 04 යන දිනවල ශ්රී ලංකාවේ දෙදින නිල චාරිකාව නිරත වීමට නියමිතව තිබෙනවා
තායි අග්රාමාත්යවරයා ශ්රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ආරාධිතයෙකු වශයෙන් සහභාගී වනු ඇති බවයි ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යංශය සඳහන් කරන්නේ.
මෙම සංචාරය අතරතුරදී, තායි අග්රාමාත්යවරයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කිරීමටද නියමිතයි.