පොල් මලෙහි පටක රෝපණ තාක්ෂණය යොදා ගනිමින් පළමුවරට පොල් පැල නිපදවීමට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණයක් සාර්ථක වී තිබෙනවා.
පර්යේෂණ නල තුළ පොල් මලක සියුම් කොටස් යොදා ගනිමින් මෙම පොල් පැල නිපදවා තිබෙනවා.
සාම්ප්‍රදායිකව පොල් පැල නිපදවා ගැනීමට විශාල ඉඩකඩක් අවශ්‍ය වනවා.
එහෙත් පර්යේෂණාගාරයෙහි අගල් හයක් උස වීදුරු බටක් තුළ සාර්ථකව පොල් පැල වගාකර ඇති ආකාරයයි දැකගත හැකිවුණේ.
මෙය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ද නිරීක්ෂණයට ලක්වුණා.
මෙරට තැඹිලි සදහා විශාල ඉල්ලුමක් ජාත්‍යන්තරය තුළ පවතින බැවින් මේ ආකාරයට තැඹිලි සහ පොල් පැල වැඩි වශයෙන් නිපදවීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් ලබාදිය හැකි බවයි ඒ මහතා තවදුරටත් පැවසුවේ.