විදුලි රැහැන් හොර රහසේ අලෙවි කිරීමට උත්සාහ දැරූ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිහින්තලේ විදුලිබල මණ්ඩල උප මුරපොළක් ලෙස කහටගස්දිගිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි කාර්මිකයින් තුන් දෙනෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඇලුමිනියම් විදුලි රැහැන් කිලෝග්‍රෑම් 162ක් කැබ් රථයකින් රැගෙන විත් කහටගස් දිගිලිය නගරයේ යකඩ බඩු අලෙවි කරන ස්ථානයකට අලෙවි කිරීමට උත්සාහ දැරූ බවයි පොලිසිය පවසන්නේ.
විදුලි රැහැන් ද සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතියි.