යුරෝපය තුළ ත්‍රස්ත සැලසුම් සිදුකළ බවට චෝදනා කරමින් හමාස් සාමාජිකයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
යුරෝපයේ යුදෙව් ආයතනයකට ප්‍රහාර සැලසුම් කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 3න් දෙනෙකු ජර්මනියේ දීත් එක් අයෙකු නෙදර්ලනත්යේ දීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමෙරිකාව , යුරෝපා සංගමය සහ බටහිර රටවල් හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා.
ඒ අනුව ජර්මනියේ දී අත්අඩංගුවට ගත් හමාස් සාමාජිකයන් 3න් දෙනාගෙන් දෙදෙනෙකු ලෙබනන් ජාතිකයන්.
අනෙක් පුද්ගලයා ඊජිප්තු ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.
නෙදර්ලන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රටේම පුරවැසිභාවය හිමි අයෙක්.
සැකකරුවන්ගේ නම් ඇතුලු අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැහැ.