fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුදන් වූ ඊශ්‍රායල ජනතාවගේ සිරුරු ගාසා තීරයේ තිබී සොයා ගැනේ 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 13:13

අතුරුදන් වූ ඊශ්‍රායල ජනතාවගේ සිරුරු ගාසා තීරයේ තිබී සොයා ගැනේ 

පසුගිය දා ආරම්භ වූ ගැටුම් වලදී අතුරුදන් වූ ඊශ්‍රායල ජනතාවගේ සිරුරු රැසක් ගාසා තීරයේ තිබී සොයා ගැනුණා.

ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කළ ගොඩබිම් මෙහෙයුමකදීයි මෙම සිරුරු ‍ සොයා ගැනුණේ.

උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1ක පලස්තීනුවන්ට වහාම ඉවත් වන ලෙසට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව දහස් ගණනක පිරිසක් සිය වාහවලින් හා පාගමනින් දකුණු ප්‍රදේශයට ගමන් කරමින් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානි ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේ ජනතාවට මෙසේ ඉවත් වන ලෙසට කළ ඉල්ලීම අනතුරුදායක එකක් වන බැවින් එය වහාම නැවැත්විය යුතු බවයි.

පසුගිය සති අන්තයේ හමාස් සටන්කාමීන් ආරම්භ කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයන් 1300 කට වැඩි පිරිසක් මිය ගියා.

එමෙන්ම ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදහසකට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2023 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්