රුසියා ඩ්‍රෝන යානා 24ක් විනාශ කළ බව යුක්රේනය කියයි
Related Articles
රුසියාව තම රට දෙසට පියාසර කරවූ ඩ්‍රෝන යානා 24 ක් ප්‍රහාර එල්ල කර විනාශ කළ බව යුක්රේනය පවසනවා.
යුක්රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය රුසියානු ඩ්‍රෝන යානා 29 න් 24 ක්ම විනාශ කළ බවයි වාර්තා වන්නේ.
දකුණු ඔඩෙසා සහ මයිකොලයිව් ප්‍රදේශ මෙන්ම මධ්‍යම කිරොහොව්රාඩ් ප්‍රදේශවලට ඒවා කඩා වැටී තිබුණා.
කෙසේ වෙතත් වෙනත් රටවල නෞකා යුක්රේන වරායන් වෙත ඇතුල් වීම වැලැක්වීමට රුසියාව මුහුදු බෝම්බ භාවිත කළ හැකි බවට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අනතුරු අඟවනවා.
මේ අතර යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ග්රනාඩා සමුළුවට සහභාගී වී සිටිනවා.
එහිදී යුක්රේනයේ පවතින යුද ගැටළු විසඳීම සඳහා යුරෝපා නායකයින් සාකච්චා කිරීමට නියමිතයි.
ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චෙස්ගේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන සමුළුවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ද සහභාගි වනවා.