මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කරයි
Related Articles
ශ්‍රී ලංකා මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කර තිබෙනවා.
2023 අංක 16 දරණ ශ්‍රී ලංකා බැංකු පනත යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ පළමු සමාලෝචනය ඊයේ පැවැත් වුණා.
මේ අනුව මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හෙවත් එස්.ඩී.එෆ්.ආර් හා නිත්‍ය පහසුකම් අනුපාතිකය හෙවත් එස්.එල්.එෆ්ආර් පදනම් අංක ලකුණු 100 කින් අඩු කිරීමටයි තීරණය කෙරුණේ.
මේ අනුව එම අනුපාතිකයන් 10% හා 11% මට්ටමෙන් පවතිනු ඇති.
මධ්‍ය කාලීනව අපේක්ෂිත 5% මට්ටමේ උද්දමනය ස්ථාවර කිරීමේ අරමුණින් සිවුම් විශ්ලේෂණයකින් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුනා.
මීට සාපේක්ෂව මෙරට වාණිජ බැංකු හා මුල්‍ය ආයතනවල පොලී අනුපාතික සංශෝධනයන් ද සිදුවනු ඇති.