fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැනීසියේ බස් රථයක් පෙරළී පුද්ගලයින් 21 දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 09:10

වැනීසියේ බස් රථයක් පෙරළී පුද්ගලයින් 21 දෙනෙකු මියයයි

වැනීසියේ බස් රථයක් පාලමකින් පෙරළීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉතාලියේ වැනීස් නගරය ආසන්නයේ ගුවන් පාලමකිනුයි බසය පෙරලී ඇත්තේ.

එය මෙස්ට්‍රේ දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ග අසලට ඇද වැටී තිබෙනවා.

මියගිය අය අතර යුක්‍රේන ජාතිකයින් පස් දෙනෙකු, එක් ජර්මානු ජාතිකයෙකු සහ ඉතාලි ජාතික රියදුරෙකු සිටින බව වැනිස් නගරාධිපති මිචෙල් ඩි බාරි පවසනවා.

මෙම බස් රථය වැනීසිය සහ අසල පිහිටි මාර්ගේරා දිස්ත්‍රික්කයේ කඳවුරු භූමියක් වෙත සංචාරකයින් රැගෙන යාම සදහා  කුලී පදනම මත ලබා ගත් එකක් බවයි සැලකෙන්නේ.

සංචාරකයින් නැවත කඳවුරු භූමියට රැගෙන යමින් සිටියදී එය අනතුරට ලක් වී ඇත්තේ රාත්‍රී කාලයේදීයී.

ඇතැම් වාර්තා පවසන්නේ බස් රථය මීතේන් වායුවකින් ක්‍රියාත්මක වීම නිසා  විදුලි රැහැන් මතට වැද වැටුනු පසු එය ගිනිගෙන ඇති බවයි.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා  පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්