සුනිල් ගමගේ පදනමෙන් හම්බන්තොට දරුවන්ට පාසල් උපකරණ
Related Articles
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් පන්දහසකට පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනේ පළමු පියවර ක්‍රියාත්මක කෙරුණා.
ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මහාචාර්ය සුනිල් ගමගේ මහතාගේ සංකල්පයකට අනුවයි එය ක්‍රියාත්මක කෙරුණේ.
සුනිල් ගමගේ පදනම සංවිධාන කළ මෙම වැඩසටහනේ දී පාසල් සහ දහම්පාසල් දරුවන් සදහා උපකරණ පිරිනැමුණා. අම්බලන්තොට බෝලාන උච්චවාලුක රජමහා විහාරයේ දී සහ බැරගම ගල්විල රජමහා විහාරයේ දී උපකරණ ලබාදීම සිදු කෙරුණා.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුයේ එච් බී යු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වටනබේ තොෂිහිරෝ මහතායි. එච් බී යු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ පීඨාධිපති සහ ජයිකා ආයතනයේ හිටපු ශ්‍රී ලංකා ප්‍රධානි මහාචාර්ය ආවෝ හරුමි සහ මෙමරු හෝල්ඩින්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටාකාවෝ මුරමොටෝ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වුණා.