fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 15:45

ආසියානු කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ, චීනයේ Hangzhou හිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගය ලකුණු 19කින් ජය ගැනීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තා.

එහිදී Smriti Mandhana ලකුණු 46ක් සහ Jemimah Rodrigues ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේෂිකා ප්‍රබෝධනි, සුගන්දිකා කුමාරි සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැඟින් දවා ගත්තා.

අනතුරුව ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 23ක් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායමේ Titas Sadhu කඩුලු 3ක් සහ Rajeshwari Gayakwad කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමි වූයේ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කමයි.

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 15:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්