ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බවත්, මෙරට කෝපි වගාව පුළුල් කිරීම සඳහාත්, අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා ප්‍රකාශ කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර හමුවක් ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදුවුණා.
එහිදී මෙරට කෘෂිකර්ම අංශය නවීකරණය හා පොහොර සම්පාදනය පිළිබඳ දීර්ග ලෙස සාකච්ඡා කරනු ලැබුවා.
කෘෂි අංශ නවීතරණය හා මෙරට කෘෂි නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉළක්ක කර ගනිමින් සැලසීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළා.
“අපේ රටේ පලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් මේ වනවිට අපනයනය කරනවා.
විශේෂයෙන් මෙරට කෙසෙල් හා අඹ සඳහා විදේශ වෙළෙඳපොළේ ඉල්ලුමක් පවතිනවා.
දැනට රාජාංගනය හා යාපනයේ වගා කරෙන ඇඹුල් කෙසෙල් ඩුබායි හා තවත් රටවල් කිහිපයකට අපනයනය කරනවා.
වෙනත් රටවලින් ද ලොකු ඉල්ලුමක් පවතින නිසා තවත් කෙසෙල් වගා කළාප දෙකක් හම්බන්තොට, ඇඹිළිපිටිය හා සෙවණගල යන ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබෙනවා” යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.
මෙහිදී අදහස් පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ කෝපි පිළිබදව ඇගයීමක් කළා.
“ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි විශේෂ අතර තබන්න පුලුවන්.
අරාබි රටවල ශ්‍රී ලංකාවේ කෝපි ඉතාමත් ජනප්‍රියයි.
අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි විදේශ වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකියි.
ඒ වගේම මෙරටට අවශ්‍ය යුරියා පොහොර හා අනෙකුත් පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට අවශ්‍ය සහයෝගය ද ලබා දිය හැකි”යැයි හෙතෙම පැවසුවා.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වුණා.