fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප් තමාට එරෙහිව නඩු පවරන්නන්ට බැන වදී 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 09:42

ට්‍රම්ප් තමාට එරෙහිව නඩු පවරන්නන්ට බැන වදී 

ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට එරෙහිව නඩු පවරන්නන්ට බැණ වැදී තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව ඉදිරිපත්ව ඇති අධි චෝදනා විභාගය සඳහා අධිකරණයට පැමිණෙමින් සිටි අවස්ථාවේදීයි.

2020 මැතිවරණයේ පරාජයත් සමඟ එහි ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීම  පිළිබද අධි චෝදනා ඔහුට ගොනු කර තිබෙනවා.

ඒ පිළිබඳ නඩු විභාගය අද දිනයේදී පැවැත්වෙන අතර වොෂින්ටන් ඩී සී හි ආරක්ෂාව තර කර තිබෙනවා.

මෙසේ චෝදනා එල්ල කිරීම ජෝ බයිඩ්න් පාලනයේ අසාර්ථකත්වය පෙන්නුම් කරන්නක් බව හිටපු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

අල්ලස, දූෂණය හා අසාර්ථකත්වය බයිඩ්න් පාලනයේ ප්‍රමුඛ අංගයක් බවයි ට්‍රම්ප් පෙන්වා දෙන්නේ.

ඔහු ලබන වසරේ ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමේ අරමුණින් මෙසේ චෝදනා එල්ල කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2023 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්