මෙරට සංචාරක කර්මාන්තය ප්රවර්ධනය අරමුණු කරගනිමින් විදෙස් තානාපතිවරුන් රැගත් වයිස් රෝයි විශේෂ දුම්රිය ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථානයට අද පැමිණියා.
රටවල් 18 ක තානාපතිවරුන් ඇතුළු විශේෂ නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සංචාරය සංවිධාන කළේ සංචාරක මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තම්න්තුවයි.
ඒ අනුව පසුතිය සෙනසුරාදා කොළඹින් ගමන් ආරම්භ කළ වයිස් රෝයි විශේෂ දුම්රිය නානුඔය දක්වා ගමන් කළා.
එහි සංචාරක ස්ථාන රැසක් නැරඹීමට තානාපතිවරුන් එක් වුණා.
අනතුරුව ඊයේ දිනයේ තානාපතිවරුන් රැගත් එම විශේෂ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයට පැමිණි අතර අද දිනයේ දෙමෝදර දක්වා පැමිණියා.
ලෝක ප්රසිද්ධ දෙමෝදර දුම්රිය ස්ථානය හා දෙමෝදර රේල් ගැටය සහිත දුම්රිය මාර්ගය නැරඹීමට ද තානාපතිවරුන් එක් වුණා.
ශ්රී ලංකාව සංචාරක ක්ෂේත්රය වෙනුවෙන් කෙතරම් සුබධායී තත්ත්වයක පවතින්නේද යන පණිවුඩය ලෝකයට ගෙන යාමට මෙම සංචාරය හේතුවනු ඇති.