එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (30) පැවැත්වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 213 ක් පමණයි.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 93 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 33 ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28 ක් ලබා ගත්තා.
ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214 ක්.