චීනයේ ආපනශාලාවක සිදු වු පිපිරීමකින් පුද්ගලයින් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගිණිකොන දිග චීනයේ යින්චුවාන් නගරයේ පිහිටා ඇති මෙම ආපනශාලාවේ සිදුවු ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරිම සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙදෙනෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද සඳහන්.
පිපිරිමත් සමඟ හටගත් ගින්න පාලනය කිරීම සඳහා දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් පවත්වන ලෙසයි ජනාධිපති ෂී ජින්පින්ග් නියෝග කර ඇත්තේ.