සෞදි අරාබිය ප්‍රථම වරට කාන්තාවක් අභ්‍යවකාශයට යවන්න සැරසෙයි
Related Articles
සෞදි අරාබිය අද ප්‍රථම වරට කාන්තාවක් අභ්‍යවකාශ ගත කිරීමට කටයුතු කරනවා.
සෞදි අරාබියේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු මෙන්ම පියයුරු පිලිකා පර්යේෂකයෙකු වන රයන්නා බර්නාවි අභ්‍යවකාශයට යන පළමු කාන්තාව බවට පසුගියදා තෝරා ගැනුණා. ඒ අනුව අද ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ස්පේස් එක්ස් ෆැල්කන් නයින් රොකට්ටුවෙන් ඇයව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලබනවා.
ඇය සමග තවත් තුන් දෙනෙකු මෙම ගමන සදහා සහභාගී වන අතර දින 10කින් පසුව නැවත ඔවුන් පෘතුවිය කරා පැමිණීමට නියමිතයි.