යුද්ධයෙන් දෙමළ ජනතාව මිය ගිය බව පවසමින් ඔවුන් සැමරීම උදෙසා බොරැල්ල මංසන්ධියේ අද පැවති සැමරුමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
වෙල්ලමුල්ලිවෛක්කාල්හි දී 2009 දෙමළ ජනතාව මිය ගිය බව පවසමින් ඔවුන් සැමරීම උදෙසා බොරැල්ල කනත්ත වටරවුමේ දී මෙම සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.
ඒ දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ශානක්ය රාසමාණික්ම් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.
ඊට ජනතා විරෝධය පළ වීමත් සමගයි උණුසුම් තත්ත්වයක් හට ගැනුනේ.
යුද හමුදාව , පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් තත්ත්වය සමතයකට පත් කෙරුණා.