හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරය ඩොලර් බිලියන එකක ආයුධ ආනයනය කර ඇති බව හෙළිවෙයි
Related Articles
හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරය ඇමෙරිකා ඩොලර් බිලියන එකක ආයුධ ආනයනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළිදරව් කර තිබෙනවා.
2021 පෙබරවාරි මාසයේ බලය අල්ලා ගැනීමෙන් පසු මියන්මාර හමුදාව මෙසේ ආයුධ ගෙන්වා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේඥයෙකු හෙළි කර තිබෙනවා.
එම ආයුධ බොහෝ ප්‍රමාණයක් රුසියාව චීනය හා සිංගප්පුරුවෙන් ගෙන්වා ගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
එමෙන්ම ආයුධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද ගෙන්වා ඇති බව සඳහන්.
එවැනි නැව් ගත කිරීම් 12500කට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර කිහිපය තුළ සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට මියන්මාර හමුදා දැඩි පාලනයක් එරට තුළ ගෙනයමින් සිටිනවා.