චීන මුහුදු කලාපයේ සිදුකරන අපරීක්ෂාකාරී ක්රියා නතර කරන්නැයි ඇමෙරිකාව චීනයෙන් ඉල්ලීමක් කරනවා.
පිලිපීන වෙරළාරක්ෂක බෝට්ටුවක් චීනයේ වෙරළාරක්ෂක යාත්රාවක ගැටී අනතුරක් සිදුවීමෙන් පසුව ඇමෙරිකාව මෙම ප්රකාශය සිදුකර තිබෙනවා.
දකුණු චීන මුහුදු කලාපය පිලිපීනය , තායිවානය ඇතුළු රටවල් තමන්ට අයිති බව ප්රකාශ කලත් චීනය එය ඉක්මවා කටයුතු කරන බවයි ඇමෙරිකාව චෝදනා කරන්නේ.
නමුත් චීනය ප්රකාශ කරන්නේ දකුණු චීන මුහුදු කලාපයේ අනෙක් රටවලට තිබෙන ස්වාධීනත්වය ඉක්මවා යාමට කටයු නොකරන බවත් නීති විරෝධී කිසිවක් තමන් එම මුහුදු කලාපයේ සිදු නොකරන බවත්ය.