fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිස තෙල් ගෑමේ නැකත උදාවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 09:41

හිස තෙල් ගෑමේ නැකත උදාවෙයි

සිංහල දෙමල අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද  සිදු කෙරෙනවා.

මෙවර අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අද උදෑසන 9.41යි.

රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම යෝග්‍ය වනවා.

මෙවර අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 17වන සඳුදා පූර්වභාග 6.28 යෙදී තිබෙනවා.

ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරි බතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යෝග්‍ය බවයි අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.

නැකතට පැළයක් සිටුවීම අප්‍රේල් 20 වනදා උදෑසන 6.38 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට යෝග්‍ය බවයි මෙවර නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2023 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්