fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේනය තුළ බටහිර රටවල විශේෂ කාර්ය බලකායන් යුද මෙහෙයුම්වල නිරතවන බව අනාවරණය වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2023 08:54

යුක්‍රේනය තුළ බටහිර රටවල විශේෂ කාර්ය බලකායන් යුද මෙහෙයුම්වල නිරතවන බව අනාවරණය වෙයි

යුක්‍රේනය තුළ බටහිර රටවල විශේෂ කාර්ය බලකායන් යුද මෙහෙයුම්වල නිරතවන බව අනාවරණය වී තිබෙනවා.

අන්තර්ජාලයට මුදාහැරුණු ඇමෙරිකාවේ පෙන්ටගනයට අයත් රහස් ලියකියවිලි වල මේ බව සඳහන් වී තිබෙනවා.

රුසියාවට විරුද්ධව සටන් කිරීමට අවි ආයුද පමණක් ලබාදෙන බව පැවසුව ද බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් රැසක විශේෂ කාර්ය බලකායන් යුක්‍රේනයේ සහායට යුද මෙහෙයුම්වලට එක්ව සිටින බවටයි රහස් ලිපිගොනුවල සටහන්වී ඇත්තේ.

ඇතැම් ලිපිගොනු සුවිශේෂී රහස් ඇතුළත් ලිපිගොනු ලෙස ද නම්කර ඇති බව විදෙස් මාධය සඳහන් කරනවා.

එමෙන්ම අතිශය සංවේදී දසුන් ඇතුළත් ඡායාරූප ද එම ලිපිගොනුවල අන්තර්ගත බවයි වාර්තා වන්නේ.

එම ලිපිගොනුවලට අනුව බ්‍රිතාන්‍යයේ විශේෂ කාර්ය බලකා සෙබලුන් 50 දෙනෙක් ලැට්වියා රාජ්‍ය යේ සෙබලුන් 17 දෙනෙක් ප්‍රංශයේ සෙබලුන් 15 දෙනෙක් ඇමෙරිකාවේ සෙබලුන් 14 දෙනෙක් සහ නෙදර්ලන්තයේ එක් විශේෂ කාර්ය බලකා සෙබලෙකු යුක්‍රේනයේ සේවයේ නිරත බවද සඳහන්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2023 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්