රුසියාව උතුරු කොරියාවට ආහාර ලබා දී ඒ වෙනුවට ආයුධ ලබා ගැනීමට සූදානම් වන බව එක්සත් ජනපදය චෝදනා කරනවා.
එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි චෝදනා කරන්නේ ආයුධ වෙනුවට ආහාර පිරිනැමීම සඳහා රුසියාව උතුරු කොරියාවට නියෝජිත පිරිසක් යැවීමට සූදානම් බවයි.
උතුරු කොරියාව සහ රුසියාව අතර ඕනෑම ආයුධ ගනුදෙනුවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කොන්දේසි උල්ලංඝනය කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
යුක්රේනයේ මෙහෙයුම්වල නිරත රුසියා කුලී හමුදා වන වැග්නර් කල්ලියට උතරු කොරියාව ආයුධ සපයන බව මීට පෙර ඇමෙරිකාව චෝදනා කළා.
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ආයුධ තැනීම සිදු කළත් ආහාර හිගයකට මුහුණ පා තිබෙන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් රුසියාවෙන් ආහාර සැපයීම පිළිබඳව වන යෝජනාව උතුරු කොරියාව අනුමත කරනු ඇති බව විදෙස් විශ්ලේෂකයන් පවසනවා.